LPEC – Lanka Professional Education Centre

මුල පිටුව / අප ගැන

ප ගැන

ලංකා වෘත්තීය රඟ විභාග ධ්‍යස්ථානය

“ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී ශ්‍රම බලකායට සරිලන පරිදි වෘත්තීය සුදුසුකම් නිර්මාණය කිරීම” යන උදාර පරමාර්ථය ඇතිව ‘ලංකා වෘත්තීය අධ්‍යාපන මධ්‍යස්ථානය’ ලෙස අප ආයතනය 2011 වර්ෂයේදී ආරම්භ කරන ලදී. අඛණ්ඩව වසර 10 ක ඉතිහාසයක් ඇති අපගේ සමාගම මේ වන විට වෘත්තීයමය වශයෙන් සුදුසුකම් ලත් පුද්ගලයින් 25,000 කට අධික සංඛ්‍යාවක් නිෂ්පාදනය කර ඇති අතර දිවයින පුරා ශාඛා පිහිටුවීමේ ගමනේ දී ශිෂ්‍යයන් සහ වෘත්තීය සුදුසුකම් ලත් ශාඛා 22 ක් අප සතුව ඇත.

සහතික පත්‍ර, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා සහ උපාධිධාරීන් බිහිකිරීමට දායක වන ප්‍රමුඛතම ආයතනයක් ලෙස, එහි ප්‍රතිඵලයක් ලෙස අප සමඟ අත්වැල් බැඳ ගන්නා සෑම සිසුවෙකුගේම අනාගතය දීප්තිමත් කිරීමට අපි කැපවී සිටිමු. මේ වන විට අපි ත්‍යාග ප්‍රදානෝත්සව 10ක් පවත්වා තිබෙන අතර මේ අපේ 11 වැනි ත්‍යාග ප්‍රදානෝත්සවය වේ. මෙවර සිසුන් 800ක් මේ සදහා සහභාගී වීමට ද නියමිතය.

ලංකා වෘත්තීය අධ්‍යාපන මධ්‍යස්ථානය මූලික වශයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතනයක් ලෙස පිහිටුවා ඇති සහ තෘතීයික හා වෘත්තීය කොමිෂන් සභාව විසින් නියාමනය කරනු ලබන වෘත්තීය ආයතනයකි. අපි ප්‍රධාන වශයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව, අලෙවිකරණ කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව සහ රැකියා නීතිය පිළිබඳ ඩිප්ලෝමාව පවත්වන අතර ඔබට අපෙන් ඉගෙන ගත හැකි විවිධ පාඨමාලා ද අපි සපයන්නෙමු. අප සමඟ ඔබේ වෘත්තීය ගමනට නව ආරම්භයක් ලබාගන්න!