ලෝක සියදිවි නසාගැනීම් වැළැක්වීමේ දිනය – සැප්තැම්බර් 10
“Changing the Narrative on Suicide – Start the Conversation”
“අපි සියදිවි නසාගැනීම පිළිබඳ කතාව වෙනස් කරමු. අපි සංවාදය ආරම්භ කරමු.”
ලෝක සියදිවි නසාගැනීම් වැළැක්වීමේ දිනයට සමගාමීව, LPEC Campus මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ සායනික පුහුණුව ලබන සිසුන් විසින් මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පාගමනක් පසුගියදා සංවිධානය කරන ලදී.
පාගමනින් අනතුරුව, සිසුන් කඩවත පොලිස් ස්ථානය වෙත පැමිණ, සියදිවි නසාගැනීම් සම්බන්ධ නීතිමය පසුබිම සහ සමාජ වගකීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වූහ.
මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වීම සඳහා සහයෝගය ලබාදුන් කඩවත පොලිස් ස්ථානාධිපති බුද්ධික රාජපක්ෂ මහතා ඇතුළු කාර්ය මණ්ඩලයටත්, ප්‍රජා පොලිස් කොට්ඨාසභාර පුලස්ති ජයසේකර මහතා වෙතත් LPEC Campus හි ගෞරවනීය ස්තූතිය පුද කරමු.
LPEC Campus
මනෝවිද්‍යා අධ්‍යයන අංශය