LPEC Campus මනෝවිද්යා අධ්යනාංශය විසින් ක්රියාත්මක, සීමාවාසික පුහුණු පාඨමාලාව හදාරන කණ්ඩායම් අංක 03 හා උපාධි පාඨමාලාවේ තුන් වන වසරේ සිසුන් සදහා, සේනපුර තෘතීයික හා වෘත්තීය සාක්ෂරතා පුහුණු මධ්යස්ථානය වෙත ක්ෂේත්ර අධ්යයන චාරිකාවක් සදහා පසුගියදා අපගේ සිසුන්ට සහභාගී වීමට හැකි විය.
මෙමගින් ඔවුනට න්යායාත්මක දැනුමට අමතරව ප්රායෝගික අත්දැකීම් ලබා දීමට හා අධ්යයනය කිරීමට අවස්ථාව උදා වූ අතර මෙවැනි වටිනා අවස්ථා ලබා දීම සම්බන්ධයෙන් පුනරුත්ථාපන කර්යාංශය හා අපට සහය දැක්වූ සියලුම නිළදාරීන්ට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමි.